2012-03-02

දයාසිරිට සහ අශෝකට විනය පරීක්ෂණ


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන දයාසිරි ජයසේකර සහ අශෝක අබේසිංහ යන මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
පක්ෂයේ සමගියට බාධාවන අන්දමින් ප‍්‍රකාශ නිකුත් කිරීම සහ නායකත්වය විවේචනය කිරීම ඊට හේතුවයි. ඒ අනුව ඉදිරි දිනයකදී දයාසිරි ජයසේකර සහ අශෝක අබේසිංහ යන මහත්වරුන් පක්ෂ විනය මණ්ඩලය හමුවට කැඳවනු ඇති.  තිලක් මාරපන මහතා එක්සත් ජාතික පක්ෂ විනය මණ්ඩලයේ සභාපතීත්වය දරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.