2012-04-28

සතියේ සුබ අසුබ 2012-04-29 සිට 2012-05-05 දක්වා





මේෂ
කෙරීගෙන යන කටයුතු ප්‍රමාද වනු ඇත.
ආර්ථික වශයෙන් අයහපත් නොවේ. ආදායම් ලැබුණත් විටෙක හදිසියේ හටගන්නා අනපේක්ෂිත සිද්දීන් තුළ මුදල් වියදම් අධික වීමට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වුවත් විටෙක කෙරීගෙන යන කටයුතුවල කිසියම් ප්‍රමාදවීම්වලට ඉඩ පවතී. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමට තරමක් ප්‍රමාදතා ඇති කරයි. ගෙදර දොර කටයුතු මෙන්ම එදිනෙදා ජීවිතයේ අනෙකුත් කටයුතු සුළු සුළු බාධා මධ්‍යයේ වුවද සාර්ථක ප්‍රතිඵලයක් ලබාගනී. කෙසේ වුවත් පවුලේ අයගේ නොගැළපෙන කතා තුළ සිත් තැවුල් සිත් පීඩාදියට ඉඩක් ඇති කරයි. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුය.

ජය වර්ණය - රතු
ජය අංකය - 09
වෘෂභ
බාධා මධ්‍යයේ දියුණුව ලබයි.
ආර්ථික වශයෙන් සුබදායක වේ. අලුත් ආදායම් මාර්ග කිහිපයක් විවර කර ගැනීමට හැකියාව ලැබීම තුළ තමාගේ කටයුතු යහපත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වේ. දියුණුවක් ඇති කරයි. ණයතුරුස්වලින් නිදහස් වීමට ඉඩ සැලසේ. සැප පහසුවට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට හෝ ලැබීමට ඉඩ පවතී. වෘත්තීය අංශයේදී අවහිර බාධා මධ්‍යයේ වුවද දියුණුවක් ලබයි. සමාජයෙහි හොඳ නමක් තබාගෙන ක්‍රියා කිරීමට හැකි වුවත් විටින් විට රාහු හතේ ගමන් කිරීම තුළ හවුල් කටයුතු කරගෙන යාමේදී තරමක් බුද්ධිමත් විය යුතුයි. හිතවතුන් සමග ගමන් බිමන් යාමට ඉඩ සැලසේ. ඉක්මන් කේන්ති යන නිසා තරමක් ඉවසිලිමත් විය යුතුය.

ජය වර්ණය - නිල්
ජය අංකය - 06
මිථුන
දියුණුවක් ලබයි.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබීමටත් දියුණුවක් ලබා ගැනීමටත් හැකි වන අන්දමට කටයුතු උදා වේ. කරන කියන කටයුතුවල ප්‍රගතියක් ඇති කරයි. ආර්ථික වශයෙන් ද කිසියම් යහපත් ප්‍රතිඵල ලබනු ඇත. ඉඩකඩම් දේපළාදියෙන් ද සැලකිය යුතු ආදායමක් ලබාගනී. ගෙදර දොර කටයුතු සාමාන්‍ය අන්දමට කරගෙන යාමට ඉඩ ලැබේ. සැප පහසුවට අවශ්‍ය දේවල් ලබාගනු ඇත. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. උත්සවවලට මෙන්ම ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට අවස්ථාව සැලසෙනු ඇත.

ජය වර්ණය - කොළ
ජය අංකය - 05
කටක
මිශ්‍ර ඵල උදා කරයි.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී වෙනදාට වඩා සාර්ථක අන්දමට කටයුතු කරගෙන යාමට ඉඩ සලසා ගනී. ප්‍රධානීන්ගේ සහයෝගය ලබාගැනීමට හැකි ආකාරයට සැලසුම් සකස් වේ. ආදායම් තත්ත්වය තරමක් ඉහළ යාමක් පෙන්වයි. ආදායම් මාර්ග කිහිපයක්ම උදාකර ගත හැකි බැවිනි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතුවලදී සමගිය සාමය ආරක්ෂා වෙන අන්දමට කටයුතු සැලසේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් එතරම්ම යහපත් නොවේ. විටින් විට බාධා අවහිරතාවන් ඇති කළ හැකි බැවිනි. තමාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. උෂ්ණාධික රෝග ලේ දූෂ්‍යාබාධ බලපානු ඇත.

ජය වර්ණය - මුතු පාට
ජය අංකය - 02

සිංහ
ගෙවල් කටයුතු පටන් ගනී.
මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් යහපත්ය. ශුභදායක ආරම්භයක්
ඒ තුළ ඇතිවේ. තමාගේ දියුණුවට අදාළ කටයුතු කිහිපයක්ම ඇති කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. බලාපොරොත්තු කිහිපයක්ම ඉෂ්ට සිද්ධ කර ගනී. කරගෙන යන කටයුතුවල දියුණුවක් ඇති වේ. ගෙදර දොර කටයුතු යහපත්ය. ගෙවල් කටයුතු ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇති කරයි. එ සම්බන්ධයෙන් බලාපොරොත්තු වූ ණය ලැබීමද පෙන්වයි. දරුවන්ගේ කටයුතුවල සාර්ථක බවක්ද උදා වේ. ගමන්බිමන් ද අධිකයි. ඥාතීන් තමා සොයාගෙන එනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුය.

ජය වර්ණය - රතු 
ජය අංකය - 01

කන්‍යා
මිශ්‍රඵලයි.
ආර්ථික වශයෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. බලාපොරොත්තු ප්‍රමාණයට වඩා සාර්ථක මුදල්මය තත්ත්තවයක් මෙම සතිය තුළ ක්‍රියාත්මක වේ. වෘත්තීය දියුණුවක් ලබයි. රැකීරක්ෂා කටයුතුවලදී විශේෂයෙන්ම අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තරමක් විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. විදේශ සංචාරයන්ට මාර්ගය පෑදේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍යයෙන් යහපත් ආකාරයකින් කරගනී. දරුවන්ගේ කටයුතු යහපත් වේ. දියුණුවක් ලබයි. උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ. අන්‍යයන් අතර කටයුතු කිරීමේදී තරමක් විමසිලිමත්ව ක්‍රියා කරන්න. විටෙක අන්‍යෝන්‍ය අවබෝධයෙන් තොරව කටයුතු කිරීමට යාම තුළ බාධා මතු කළ හැක. 

ජය වර්ණය - කොළ
ජය අංකය - 05

තුලා
ප්‍රමාද වීම් ඇති වේ.
ආර්ථික වශයෙන් එතරම්ම අයහපත් නොවේ. තමාගේ වියදමට සරිලන ආදායම් මාර්ග උදා කරගෙන කටයුතු කිරීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබාගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. දියුණුවක් ලබයි. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවලදී යම් යම් බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ ක්‍රියා කරයි. එසේ කිරීමට සිද්ධ වේ. සමාජයීය කටයුතු යහපත් අන්දමින් කරගනී. උත්සවවලට සහභාගි වී කටයුතු කරයි. ඉගෙනීමේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. කෙසේ වුවත් තමාගේ ප්‍රදාණ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමට තරමක් ප්‍රමාදවීම්වලට මුහුණපෑමට සිදුවේ.

ජය වර්ණය - නිල්
ජය අංකය - - 06
වෘශ්චික
නිවාස ප්‍රතිසංස්කරණවලට යහපත්ය.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල ශුභදායක වෙනස්කම් ඇති කරයි. දියුණුවක් ගෙන දේ. ශුභදායක වෙනස්කම් ස්ථානගත වෙනස්කම් ඇති කරයි. ස්ථාන මාරුවීම්වලට ඉඩ පවතී. ආර්ථික වශයෙන් නම් යහපත්වය. විවිද ක්ෂේත්‍රයන් තුළින් ආදායම් ලබනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් පෙන්වයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. එහෙත් කලබලකාරී ලෙස කටයුතු යෙදේ. නිවාස ප්‍රතිසංස්කරණවලට යහපත්ය. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අරමුදල් එක්තරා ප්‍රමාණයකට ලැබේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ කටයුතු යහපත් වේ. අලුත් දේවල් ඉගෙනීමට ඉඩ ලැබේ. පාද ආශ්‍රීත පීඩා ලේ දුෂ්‍යාබාධ බලපායි.


ජය වර්ණය - රතු
ජය අංකය - 09
ධනු
වාසි ගෙන දේ.
ආර්ථික වශයෙන් බලාපොරොත්තු වුවාට වඩා සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. එහෙත් වියදම් අධිකවීමට ද ඉඩ ලැබේ. විවිධ ක්ෂේත්‍රයන් තුළින් සාර්ථක ලෙස ආදායම් උපයා ගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ලාභ ප්‍රයෝජන ලබාගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී සාර්ථක බවක් උදාකර ගනී. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු යහපත් අන්දමට කර ගැනීමට ඉඩ ලැබේ. ගෙදරදොරට කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වනු ඇත. දරුවන්ගේ කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් ලැබීම තුළ තමාටද සතුටු වාසනා යොදා ගනී. ඉගෙනීමේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක බවක් ලබයි.

ජය වර්ණය - කහ
ජය අංකය - 03
මකර
බලාපොරොත්තු ඉටු වේ.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී සාර්ථක ප්‍රතිඵළ නෙළා ගනී. අලුත් කටයුතු කිහිපයක් ආරම්භ කර ගනී. අන්‍යයන්ගේ ආධාරය උපකාරය මේ සම්බන්ධයෙන් ලැබෙයි. උසස් අයගේ අවධානයට ඔබගේ කටයුතු යොමු වනු ඇත. ආර්ථික වශයෙන් සාර්ථක බලාපොරොත්තු කිහිපයක්ම ඉෂ්ට සිද්ධ වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට කරගෙන යා හැක. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක්ද උදා කරනු ඇත. ඉගෙනීමේ යෙද ීසිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ජය වර්ණය - නිල්
ජය අංකය - 08
කුම්භ
මිශ්‍ර ඵලදායකයි.
යම් යම් බාධා අවහිරතා මධ්‍යෙය් වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළින් සාර්ථක ලෙස වෘත්තීය අංශයේ කටයුතු කරගෙන යාමට පුළුවන. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වීමට ඉඩ සැලසේ. ආර්ථික වශයෙන් යහපත්වය. විවිධ ක්ෂේත්‍රයන් තුළින් ආදායම් මාර්ග උපයා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විවිධ ක්ෂේත්‍ර තුළින් ලාභ ප්‍රයෝජන ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත කරගෙන කටයුතු කළ හැක. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක.

ජය වර්ණය - නිල්
ජය අංකය - 08
මීන
ශ්‍රභා'ශුභ මිශ්‍රයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළින් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. උසස් නිලධාරීන්ගේ අවධානය තමා වෙත යොමු වන නිසා වඩාත් ප්‍රවේශම් විය යුතුයි. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගනී. එහෙත් අනපේක්ෂිත සිද්ධීන් තුළ වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද විමසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ පමණක් සමගිය සාමය උදා කරගත හැක. ඉගෙනීමේ යෙදී සිටින අයට යහපත් වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය කරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය - තැඹිලි
ජය අංකය - 03



පසුගිය පුවත්

උපුටා ගැනීම 





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.