2012-04-20

මීනක්ෂි තාපර් ඝාතනය කෙරේ.


නැගී එන බොලිවුඞ් තරුවක් වන මීනාක්ෂි තාපර් පැහැරගෙන ගොස් මරාදමා ඇතැයි වාර්තා වනවා. ඇයව මෙලෙස ඝාතනය කර ඇත්තේ තවත් නළුනිළියන් දෙදෙනෙක් විසින් බව ද පැවසෙනවා.
පසුගිය වසරේ දී 404 නම් ත‍්‍රාසජනක හින්දි චිත‍්‍රපටියේ රඟපෑ 26 හැවිරිදි මීනාක්‍ෂි හට සිය ඝාතකයන් හමුවී ඇත්තේ ප‍්‍රධාන නිළිය ලෙස කරීනා කපූර් රඟපාන හිරොයින් චිත‍්‍රපටියේ රූගත කිරීම් වලදීයි.
දෙහෙරාදූන් ප‍්‍රදේශයේ ධනවත් පවුලකින් පැවතගෙන එන මීනාක්‍ෂි ගේ පවුලේ විස්තර දැනගත් ඇගේ ඝාතකයන් වන අමිත් ජයිස්වාල් හා පී‍්‍රති සූරින් යුවල මීනාක්ෂිව පැහැරගැනීම සඳහා සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මීනාක්‍ෂි ට නේපාල දේශසීමාවට ආසන්න ගොරක්පූර් ගමට ආරාධනා කර ඇති ඇයව එහිදී පැහැරගෙන ඇති මොවුන් මීනාක්ෂිගේ පවුලේ සාමාජිකයන්ගෙන් රු. මිලියන 12.5ක කප්පමක් ඉල්ලා ඇත.
මෙම මුදල ලබානොදුන්නහොත් මීනාක්‍ෂි ව අසැබ් චිත‍්‍රපටි සඳහා යොදාගන්නා බව ඔවුන් තර්ජනය කර තිබෙනවා. මීනාක්ෂිගේ මව විසින් රු. 60,000 ක කප්පම් මුදලක් ඇගේ දියණියගේ බැංකු ගිණුමේ තැන්පත් කර තිබුණ ද පසුව මීනාක්ෂිව ඝාතනය කර ඇතැයි වාර්තාවී තිබෙනවා.
මීනාක්ෂිගේ ගෙල සිරකර මරා දැමීමෙන් අනතුරුව හිසෙන් වෙන් කරන ලද මළසිරුර කැබලිවලට කපා ඇති ඝාතකයන් එය වතුර ටැංකියකට දමා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඝාතනයෙන් පසුව යළිත් මුම්බායි වෙත පලා යන අතරතුරේදී අමිත් හා පී‍්‍රති විසින් බෑගයක දමා තිබූ මීනාක්‍ෂිගේ කඳින් වෙන් වූ හිස ඔවුන් ගමන්කරමින් සිටි බසයෙන් පිටතට විසිකර තිබෙනවා. අමිත් හා පී‍්‍රති ළඟ තිබූ මීනාක්ෂිගේ ජංගම දුරකතනයේ සිම්කාඩ් පත පසුව හමුවී ඇති අතර මොවුන් මෙම ඝාතනය සිදුකළ බව පිළිගෙන ඇත.
ඉන්දීය පොලිසිය විසින් මීනාක්‍ෂිගේ සිරුර සොයාගත් අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.




No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.