2012-04-08

වත්කම් බැරකම් ජුනි 30ට පෙර දෙන්න


2012 ජුනි 30 වැනිදාට පෙර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මේ වන විටත් දැනුවත් කර ඇති බව එම කාර්යාලය පවසනවා. ඒ අනුව පසුගිය වසරේ මාර්තු 31 වැනිදා සිට මේ ව‍සරේ මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ පවත්නා වත්කම් අදාළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ යුතු වනවා.
සෑම වසරකම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ලබාගත්ත ද ඇතැම් මන්ත්‍රීවරුන් එය පැහැරහරන බවද මැතිවරණ මහලේකම් කාර්යාලය අවධාරණය කළා. කෙසේ‍වුවත් මෙසේ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම පැහැරහරින මන්ත්‍රීවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය පවතින බව මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.