2012-04-08

නිවසකට ඇතුළු වී හතර දෙනෙකුට කැපුම් තුවාල සිදුකර පළා යයි


ගලේවෙල, දමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක රූපවාහිනිය නරඹමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු කපාකොටා තුවාල සිදුකිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන්ගෙන් තිදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් බරපතළ තත්ත්වයේ පසුවු අයෙකු කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවා ඇති බව ගලේවෙල පොලිසිය පවසනවා.
කැපුම් තුවාලවලට ලක් වී ඇත්තේ රූපවාහිනිය නරඹමින් සිටි නිවසේ මව සහ දියණිය වන අතර එම නිවසට පැමිණ සිටි අසල්වැසි නිවසේ මව සහ දියණිය ද එම අවස්ථාවේ තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ දියණියකගේ වයස අවුරුදු 14ක් වන අතර සෙසු තුවාලකරුවන් අවුරුදු 86 සහ අවුරුදු 50 වයස්වල පසුවූවන් බව පොලිසිය පවසනවා. නිවස ආසන්නයේ පදිංචිව සිටි පුද්ගලයෙකු විසින් කැපුම් තුවාල සිදුකර ඇති අතර සිද්ධියෙන් පසු ප්‍රකෝප වු ගම්මුන් සැකකරුගේ නිවසට හානී සිදුකර තිබෙනවා. සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.