2012-04-25

මිලින්ද මොරගොඩ ඉල්ලා අස්වෙයි


කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක ධුරයෙන් සහ නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මන්ත්‍රී මිලින්ද මොරගොඩ  මහතා පවසනවා. ඒ මහතා මෙසේ පැවසුවේ අද පැවති කොළඹ මහනගර සභා විපක්ෂ කණ්ඩායම් රස්විමේදියි. 
තමා මෙම තීරණයට එළැඹියේ වර්තමානයේ උසුලන වගකිම් එම කාර්ය භාරයන් සම්පූර්ණ කිරිමට බාධාවක් වන හේතුවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා. තමන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වුවද නාගරික ජනතාවගේ සේවය උදෙසා පවත්වාගෙන ගිය වැඩසටහන් එලෙසම පවත්වාගෙන යන බවද මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයක තනතුරක් භාරගැනිම සම්බන්ධයෙන් පලවූ වාර්තා පදනම් විරහිත බවයි ඒ මහතා පවසන්නේ. රටේ ජනතාව වෙනුවෙන් තම කැපවීම අඛණ්ඩව එලෙසින්ම ඉදිරියටත් පවත්වාගෙන යන බව බවද මොරගොඩ මහතා පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.