ඉන්දීය කොංග්රස් පක්ෂය තම ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් භාවිත කර ඇති බවට එරට දේශපාලන පක්ෂ කිහිපයක් චෝදනා කරනවා. රාජ්‍ය සභා මන්ත්‍රි ධුරයක් පිරි නැමීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා විසින් සචින්ගේ නම නිර්දේශ කෙරුණු අතර එරට ජනාධිපති ප්‍රතිභා පටෙල් ඊයේ දිනයේදී එය අනුමත කළා. කෙසේවෙතත් ශිව් සේනා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සංජේ රවුට් සචින්ව දේශපාලන අවශ්‍යතාවයන් සඳහා භාවිතා නොකරන්නැයි අද ඉල්ලීමක් කර තිබෙනවා. පාලක කොංග්රස් පක්ෂයේ එම උත්සාහය කණගාටුවට කරුණක් බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වන ගුරුදාස් ගුප්තා කොංග්රස් පක්ෂයෙන් ඉල්ලා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් තැන අනෙකුත් ක්‍රීඩාවන්ටද ලබාදෙන ලෙසයි. සව්රව් ගංගුලි ඉහළම දක්ෂතා අතර සිටි වකවානුවේ ඔහුට මෙවැනි අවස්ථාවක් ලබාදීමට සළකා බැලිය යුතුව තිබුණේ යැයි ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය කොංග්රස් පක්ෂ නියෝජිත රජිව් ශුක්ලා විපක්ෂයේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. සචින්ට මෙම අවස්ථාව ලබාදුන්නේ සත් සිතින් බවයි ඔහු පවසා ඇත්තේ. ඉන්දීය පාර්ලිමේන්තුවට ඇතුළත් විය යුත්තේ දක්ෂයින් බවත් සචින්ට මෙම අවස්ථාව ලබාදීම ඔහුට කළ ගෞරවයක් බවත් ශුක්ලා පෙන්වා දී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.