2012-04-21

රැකියා දීලත් බන්ධනාගාරය අමාරුවේ වැටෙයි


බන්ධනාගාර දෙපාර්තමේන්තුවට රියදුරන් බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක‍්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතන බව අයදුම්කරුවන් පිරිසක් පවසනවා. රියැදුරන් බඳවා ගැනීමේදී සිදුව ඇති අක‍්‍රමිකතාවක් නිසා අයදුම්කරුවන් 12 දෙනෙකු අසාධරණයට ලක්ව සිටින බව පසුගියදා  මාධ්‍ය මගින් අනාවරණ කළා.
2009 වසරේ සැප්තැම්බර් මස 11 වනදා නිකුත් කෙරුණු ගැසට් පත‍්‍රයකට අනුව පුරප්පාඩු 22 ක් වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබුණා. එහෙත්, ලිඛිත, සම්මුඛ සහ ප‍්‍රායෝගික පරීක්ෂණවලින් පසු පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගැනුණේ අයදුම්කරුවන් 10 දෙනෙකු පමණයි. දේශපාලන උවමනාවන් මත සුදුසුකම් ලැයිස්තුවෙන් පරිබාහිරව තවත් කිහිපදෙනෙකු ද බඳවා ගෙන ඇතැයි අසාධාරණයට ලක්වූ බව කියන අනෙක් අයදුම්කරුවන් පවසනවා.
ඒ බව සැලකිල්ලට ගත් මානව හිමිකම් කොමිෂන් සභාව මීට ඉහත දී නිර්දේශ කළේ අසාධාරණයට ලක්වූ 12 දෙනා වහාම සේවයට බඳවා ගන්නා ලෙසයි. එම නිර්දේශය නොසලකා හැර ඇතැයි අයදුම්කරුවන් පැවසුවා. සාධාරණය ඉටු කරවා ගැනීම සඳහා අධිකරණ පිහිට පතන්නේ ඒ නිසා බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.