2012-04-08

එක්සත් ජාතීන් ගැන ශවේන්ද්‍රගෙන් පැහැදිළි කිරීමක්


ශ‍්‍රී ලංකාවටද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරකම් පිළිබඳ අදහස් ප‍්‍රකාශ කිරීමට අයිතියක් ඇතැයි එහි නියෝජ්්‍ය නිත්‍ය නියෝජිත මේජර් ‍ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස පිළිගෙන ඇති බවයි. කුකුළේගඟ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා සාම සාධක හමුදා පුහුණු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව ප‍්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු පිටස්තර සංවිධානයක් නොවන බවයි ඒ මහතා එහිදී පෙන්වා දුන්නේ. එහෙත් ඇතමුන් එය පිටස්තර සංවිධානයක් ලෙස නම් කිරීමට උත්සහ දරමින් සිටිනවා. එය කිසිසේත් අනුමත කළ නොහැක්කක් බවයි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ. ශ‍්‍රී ලංකාව කුමන අරමුණක් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ ජගත් සංවිධානය දැනුවත් කළ යුතු බවද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී අවධාරණය කළ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.