දඹුල්ල පූජා භූමියට අයත් ඉඩම් අන්‍යාගමිකයන්ට ලබා දී ඇති බවට චෝදනා කරමින් අද දහවල් දඹුල්ල නගරයේ දී බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ ජනතා විරෝධතාවක් පැවැත්වුණා. ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය පැවසූයේ බුදු දහමට හානිකර අයුරින් කර ඇති ඉදිකිරීම් ඉවත් කළ යුතු බවයි. එසේම අදාල භූමියේ අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සඳහා බලධාරීන් අවස්ථාව සලසා දී ඇති බවටද පැමිණ සිටි පිරිස් චෝදනා එල්ල කළා. පැවැති විරෝධතාව හේතුවෙන් ඒ 09 මාර්ගයේ ගමනා ගමනයට ද බාධා ඇති වු බව වාර්තා වනවා. විරෝධතාකරුවන් සඳහන් කළේ අදාල ඉඩම් ලබාදීම නතර කිරීම සම්බන්ධයෙන් බලධාරින් පොරොන්දුවක් ලබා දෙන තෙක් සිය විරෝධතාව පවත්වන බවයි. මුලදී උද්ඝෝෂණයේ නිරත වු විරෝධතාකරුවන් පසුව කණ්ඩලම හන්දියට පැමිණ උපවාසයක් ද ආරම්භ කර තිබෙනවා. එවැනි ඉදිකිරීමක් දෙසට යන්නට වූ මහා සංඝරත්නය හා මහජනයා ඉන් වළක්වා ගැනීමට පොලිසිය හා හමුදාව ලොකු වෑයමක් දැරීමට සිදු වුණා.
මේ අතර අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසුවේ රටේ කිසිඳු පූජා භූමියක අනවසර ඉදිකිරිම් සඳහා ඉඩ ලබා දීමට රජය කිසිවිටෙකත් සුදානම් නොමැති බවයි. දඹුල්ල පුජා භූමි සැලැස්ම කප්පාදු කෙරෙන බවට පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කළා. බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය තමන් භාර ගැනීමෙන් පසු දඹුල්ල පූජා භූමියට අයත් ප්‍රදේශයේ කිසිඳු ඉදිකිරීමක් සඳහා අනුමැතිය ලබා දී නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.