තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කරුණානිධි මහතාට තමිල් ඊලම් රාජ්‍යයක් අවශ්‍ය ම නම් එය ඉන්දියාව තුළ බිහි කර ගත හැකි බවත් ශ්‍රී ලංකාව තුල එවැන්නකට කිසිදු ඉඩක් නොමැති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකාවට වඩා වැඩි දෙමළ ප්‍රජාවක් තමිල්නාඩුවේ ජීවත් වන බැවින් ඒ අනුව ඊළාම් රාජ්‍යය ඉන්දියාව තුළ බිහි කළ හැකි බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට යුද්ධය අවසන් වී සියළු ජාතීන් සමගියෙන් ජීවත් වන බව අවධාරණය කරන ආරක්ෂක ලේකම්වරයා මෙරට දෙමළ ජනතාව තුළ අනවශ්‍ය උසි ගැන්වීම් සිදුනොකරන ලෙස ද හිටපු තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි. තමිල් ඊලාම් රාජ්‍යයක් පිළිබද ප්‍රකාශ සිදුකරන්නේ ත්රස්තවාදීන් බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
ඒ මහතා මේ අදහස් පල කර ඇත්තේල තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය කරුණානිධි මහතා විසින් ශ්‍රී ලංකවේ දෙමළ ඊළමක් සම්බන්ධ ජනමත විචාරණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කල යුතු යයි කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.
Well said.....
ReplyDelete