2012-04-08

කොළඹ දී කතුන් රැවටීමේ ජාවාරමක්


කොළඹ නගරයේදී කාන්තාවන් රවටා ඔවුන් සතු මුදල් සහ රන් භාණ්ඩ සොරා ගැනීමේ සංවිධානාත්මක කල්ලියක් පිළිබඳ තොරතුරු  වාර්තා වනවා. කොළඹ නගරයේ සිට පිට පළාත්වලට බස් රථවලින් ගමන් කරන කාන්තාවන් මෙලෙස රැවටීමට ලක්වන බවයි අනාවරණ වුණේ. බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පළේදී මෙය බහුල වශයෙන් සිදුවන බවයි බැස්ටියන් මාවත‍ සුභ සාධක වෙළෙඳ සංගමයේ සභාපති සුමේධ විජේරත්න මහතා ප‍්‍රකාශ කරන්නේ.
කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේදී සිදුවන මෙම ක‍්‍රියාව පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් පිළිබඳ තමන්ටද තොරතුරු වාර්තා වී ඇති බවයි. එවැනි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වෙළෙඳ සංගමය සහ සිවිල් සංවිධාන එක්ව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ. මේ අතර උත්සව සමයේ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙළක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.