පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් ඉදිරි සතිය තුළ කොළඹට කැඳවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා. ලබන 24, 25 සහ 26 යන තෙදින තුළ ඔවුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා. ප්‍රාදේශීය මට්ටමින් සිදුවන පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමට නියමිතයි. ඊට අමතරව යාපනයේ පැවැත්වෙන මැයි දින රැළිය සම්බන්ධයෙන් ද ආසන සංවිධායකවරුන් දැනුවත් කරනු ඇති.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.