2012-05-17

මහින්ද, ටිරාන් සහ අනෝමා ත්‍රිත්ව හමුවක් ටිරාන්ගේ නිවසේදී


සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය අතර හමුවක් පැවැත්වී ඇතැයි වාර්තා වනවා. ඊයේ රාත‍්‍රියේ මෙම තීරණාත්මක හමුව සිදු ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේදී බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 2010 මහමැතිවරණය නිමාවීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ අය සහ ජනාධිපතිවරයා අතර හමුවන් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.
කෙසේ වෙතත් අනෝමා ෆොන්සේකා මහත්මිය මින් පෙර පවසා තිබුනේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා රජය කොන්දේසි පනවා ඇති ද යන්න පිළිබඳව තමාට අවබෝධයක් තැති බවත් තමන් බලාපොරොත්තු වන්නේ කොන්දේසි විරහිත නිදහසක් බවත්ය. නිදහසෙන් පසු යළිත් දේශපාලන ක්‍ෂෙත්‍රයට අවතීර්ණ වන්නේද යන තීරණය ගැනීම තම සැමියාට භාර කාර්යයක් බවද ඇය පවසා තිබෙනවා.
මේ අතර ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට අදාළව කිසිදු කොන්දේසියක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාද පවසා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.