අත්අඩංගුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අධිකරණයේ පෙනී සිටීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවට විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සිය වාර්තාව මඟින් අධිකරණය දැනුම් දී තිබෙනවා.
දුමින්ද සිල්වා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය විසින් එවන ලද වෛද්‍ය වාර්තාවට අනුව එම චූදිතයා අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටින බැවින් නැවත ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණයෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 19 දෙනෙකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත භාරයේ තැබීමෙන් අනතුරුව 13 දෙනෙකුට විරුද්ධව නඩු පවරනු ලැබිණි. මේ වනවිට මෙම සිද්ධියේ තුන්වෙනි චූදිතයා වූ පතිරණගේ චමින්ද රවි ජයනාත් නමැත්තා සහ එකොළොස්වැනි චූදිතයා වූ අරමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා නමැත්තා පමණක් ඇප නොලබා රක්ෂිත භාරයේ පසුවනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.