ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුවෙන් නියම වු රුපියල් 5000 ක දඩ මුදල කොළඹ මහාධිකරණය වෙත ගෙවා තිබෙනවා. අදාල නඩුවෙන් වරදකරු කෙරුණු ෆොන්සේකා මහතාට වසර 03 ක සිර දඬුවමක් සහ රුපියල් 5000 ක දඩයක් නියම වී තිබුණා. එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කෙරුණු අභියාචනය ද සරත් ෆොන්සේකා මහතා විසින් ඉල්ලා අස්කර ගැනුණා. ඉන් අනතුරුවයි ෆොන්සේකා මහතා අදාල දඩ මුදල කොළඹ මහාධිකරණ වෙත ගෙවා තිබෙන්නේ.
2012-05-30
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.