පෙට්‍රල් හා ඩිසල් මිල ඉහල දැමීමට ලංකා IOC අවසර ඉල්ලා ඇති බව වාර්තා වනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කිනුත් ඩිසල් ලීටරයක් රුපියල් 13 කිනුත් ඉහල දැමීමට ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් එම සමාගම ඉල්ලුම්කොට ඇත.
ලෝක වෙළඳපොලේ මේ වන විට තෙල් මිල පහල වැටි ඇති අතර එම සහනය ජනතාවට ලබාදීම පිලිබඳ පැන නගූ ගැටළු වලට ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය පමණින් දේශිය වෙළඳපොලේ මිල ඉහළ දැමීමට රජය කිසිවිටක ක්‍රියාකර නොමැති මෙන්ම ලෝක වෙලදපොලේ යම් ප්‍රතිශතයකින් අඩු වු පමණින් මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැකි බවයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.