කොටි සංවිධානයේ හිටපු නීතිපතිවරයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ අධි චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගෙන ඇති අතර ඔහු පුනරුත්තාපනය කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. කයිලාසපිල්ලේ ලංකේෂ්වරන් නැමැති කොටි නීතිපතිවරයා පුනරුත්තාපනය වීමට කැමති බව දැනුම්දීම නිසා ඔහුට එරෙහිව අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කල බව කියමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ රියාස් බාරි මහතා කල ඉල්ලීමකට අනුව අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අවසර දී තිබෙනවා.
2007 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 2009 අප්‍රෙල් මස 30 වැනි දින දක්වා කාලයේ කිලිනොච්චියේදී කොටි සංවිධානයේ නීති සම්පාදකවරයා ලෙම කටයුතු කල බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා කරමින් 38 හැවිරිදි දෙදරු පියෙකු වන කයිලාසපිල්ලේ ලංකේෂ්වරන් නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.