සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ අමාත්‍යවරුන්ගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී මෙම එකඟතාවය පලව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පන්දුල ජයසේකර මහතා පැවසුවේ.
මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් ඒ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේ යුධ හමුදාවෙන් පළාගිය සෙබලූන් සේවයේ යොදවා ගත්තේ යයි චෝදනා මත තමන් වසරකට වැඩි කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බව ෆොන්සේකා මහතා එමගින් පවසනවා. මෙම ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.
මේ අතර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ මූලික පියවරක් වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතියදීම පිළිබඳ පුවත විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරය වීමත් සමග අම්බලන්ගොඩ, බටපොළ, ඇත්කඳුර ඇතුළු දකුණේ පෙදෙස් රැසක ජනයා රතිඤ්ඤා පත්තු කර ඇති බවද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.