කොකා-කෝලා මිශ්‍රණය වැරදියි - සමාගම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
නඩත්තු පද්ධතියේ සිදුවූ අතපසුවීමකින් කොකා කෝලා නල මාර්ගය පිරිසිදු කිරීම සඳහා දමන ක්ලෝරීන් සාන්ද්‍රණය කොකා-කෝලා නිෂ්පාදනයට භාවිතා කරන ජලයට මිශ්‍ර වී ඇති බවත් ඒ වෙනුවෙන් කොකා කෝලා සමාගම ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවක පෙන්වා දෙයි.
එසේම මේ සදහා වග කිව යුතු නිලධාරින්ගේ සේවය අත්හිටුවා ඇති බවට තායිවානයේ පැවති මාධ්‍ය සාකච්ඡවකදී කොරියානු හා චීන කොකාකෝලා සමාගමේ අධිපති ඩේවිඩි බෲක් විසින් සදහන් කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ පෙබරවාරි මස 4 වනද සිට 8 වනදා දක්වා සිදු කල නිෂ්පාදන වල මෙම වැරදීම සිදුවී ඇති අතර එය නිෂ්පාදන කාන්ඩ අංක 9 ක් සදහා බලපෑම් කර ඇති අතර මෙයින් බලපෑම් සිදුව ඇත්තේ චීනයේ කර්මාන්තශාලා හරහා වන අතර අනෙක් රටවලට මෙවන් බලපෑමක් නැති බවත් එම සමාගමේ අධිපතිවරයා පෙන්වා දෙයි.
මෙම සිදුවීමෙන් පසු වහාම නිෂ්පාදන හා සැපයුම් වරද නිවැරදි කරන තෙක් අත්හිටවා ඇති අතර පරිභෝගිකයින් වෙත මෙම නිෂ්පාදනයක් වේ නම් එය නැවත මුදල් ලබා ගැනිමටත් සමාගම අවස්ථාව සලසා ඇති අතර එයින් සිදුවන අවහිරතාව පිලිබද ජනතාවගෙන් සමාව අයැද ඇති බවත් සදහන් වේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.