කොරියානු සමාජ ශාලාවක ගින්නකින් ලාංකිකයෝ 3ක් මරුට
දකුණු කොරියාවේ බූසාන් නගරයේ කැරෝකේ විනෝද ශාලාවක 5 වනදා රාත්‍රී හට ගත් ගින්නකින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙක් මියගොස් තිබෙනවා. ගින්න හේතුවෙන් තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.
කොරියානු පොලීසිය පවසන ආකාරයට ගින්න හටගෙන ඇත්තේ කාමර 28කින් යුතු අදාළ කැරෝකේ ශාලාවේ එක් කාමරයක බවයි. එහි දුමාරය පැතිර යාමට පෙරාතුව විශාල පිපිරුම් හඬක් ඇසි ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා. මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ කොරියානු ජාතිකයන් සමග හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාද වූහ.
ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර ගින්න පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.