2012-05-05

Ingiriyen Asabi vedio thati 101 allai


ඉංගිරියේදී කාමුක චිත්‍රපට තොගයක් අත්අඩංගුවට

ඉංගිරිය ප‍්‍රදේශයේ වීඩියෝහලක තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි තොගයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. ඉංගිරිය වෙළෙඳ සංකීර්ණයේ වීඩියෝහලක තිබී මෙම සංයුක්ත තැටි තොගය සොයා ගත් බව පොලිසිය පවසනවා. එහි තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 101 ක් සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.
එම තැටි සකස්කිරීම සඳහා උපයෝගී කරගත් පරිගණකයක් ඇතුළු අමතර උපාංග කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රැඳී සිටි තවත් පුද්ගලයෙකු සතුව ද අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් සොයාගත් බව පොලිසිය පවසනවා.
සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.