සිමෙන්ති, ගෑස් සහ කිරි පිටි මිල මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට
කිලෝග්‍රෑම් 50 ක බරින් යුතු සිමෙන්ති බෑගයක මිළ රුපියල් 70 කින් ඉහළ දමා තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිළ සංශෝධනය සිදුවන බවයි.
මේ අතර ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 61 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී තිබෙනවා. කිලෝග්‍රෑම් 1ක ආනයනික එකක කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 163 කින් ඉහළ නංවන බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ලදරු කිරිපිටි මිල සංශෝධනයක් සිදුවන්නේ නැහැ.
මේ අතර අද මධ්‍යම රාති‍්‍රයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමග මිල සංශෝධනය කරන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මිල වැඩිවීම සිදුකළ බවයි පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.