2012-05-04

Kiri piti 1kg kata Rs 92k ho 15%ka theeru baddak


කිරිපිටි කිලෝවකට රුපියල් 92ක් හෝ 15%ක තීරු බද්දක්


ළදරු කිරිපිටි හැර අනෙකුත් සියලූම ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක් සඳහා රුපියල් 92 ක් හෝ 15%ක තීරු බද්ධක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක් සඳහා තීරුබදු වශයෙන් අය කර ගත යුතු 30% හෝ රුපියල් 125 ක් වන බදු මුදල රේගු ආඥා පනත යටතේ කපා හැර තිබු බවයි. වර්තමානයේ කිරිපිටි කිලෝග‍්‍රෑමයක ආනයනික මිල රුපියල් 450 ත් 490 ත් අතර මිලක පවතිනවා. ඒ අනුව ඉදිරි දිනවල දී වෙළෙඳ පොලේ ඇති ආනයනික කිරිපිටි මිල ඉහළ යනු ඇති. නෙත් නිවුස් ඒ පිළිබඳ කිරිපිටි ආනයනය කරනු ලබන සමාගම් කිහිපයකින් විමසීමක් කළා. ඒවායේ නියෝජිතයින් කියා සිටියේ කිරිපිටි මිල කුමන අගයකින් ඉහළ දමන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බවයි. රුපියල අව ප‍්‍රමාණය වීම ද සැලකිල්ලට ගනිමින් මිල ගණන් සංශෝධනය කරන බවයි එම සමාගම් නියෝජිතයන් කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.