2012-05-04

Wesak wisesa bus ratha sewawa ada sita


වෙසක් විශේෂ බස් රථ සේවා අද සිට 

වෙසක් උත්සවයට සමගාමීව අද (04) සිට විශේෂ බස්රථ සේවාවක් ක‍්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිසන් සභාව පියවර ගෙන තිබෙනවා. එම බස් සේවාව අද සිට ලබන 8 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව අදාළ කාලය තුළ කොළඹ බැස්ටියන් මාවත ඇතුළු අන්තර් පළාත් බස්නැවතුම් පොළවල සිට ගමන් ආරම්භකරන සියලූ බස්රථ සාමාන්‍ය කාල සටහන්වලින් බැහැරව මගී අවශ්‍යතා සඳහා සේවා සැපයීමට යොමුකර තිබෙනවා.
අධික ලෙස ගාස්තු අයකෙරෙන සහ වෙනත් අක‍්‍රමිකතාවල යෙදෙන බස්රථ වල මගීසේවා අවසර පත‍්‍රය ඒ මොහොතේම අවලංගු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරනවා. මේ අතර අදාළ කාලසීමාව තුළදී පෞද්ගලික බස්රථ සඳහා තාවකාලික ධාවන බලපත‍්‍ර නොමිලේ ලාබදීමටද තීරණය කර තිබෙනවා.
මෙම කාල සීමාව තුළ එලෙස විශේෂ ධාවනයට එක් කෙරෙන බස් රථවල ගාස්තු අය කිරීම හෝ වෙනයම් ආකාරයේ අකටයුත්තක් සිදු වන්නේ නම් ජාතික ගමනාගමන කොමිසම වෙත පැමිණිලි කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටිනවා. ඒ සඳහා 0112595555 අංකයට හෝ 1955 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද රොෂාන් ගුණවර්ධන මහතා පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.