2012-05-10

LTTE පිස්තෝල කල්ලියේ හිටපු මේජර්වරයෙකු අත්අඩංගුවට


එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත‍්‍රිකුණාමල ප‍්‍රදේශය භාරව කටයුතු කළ එලීලන් නමැත්තා සමග සමීපව කටයුතු කළ පුද්ගලයින් 30 දෙනකු ආරක්‍ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ. පසුගිය මාර්තු මස 18 වැනිදා ඊ.පී.ඞී.පී සංවිධානයේ සාමාජිකයෙකු ත‍්‍රිකුණාමල ප‍්‍රදේශයේ දී ඝාතනය කෙරුණා. සිද්ධිය සම්න්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙලි වු කරුණු මත එලීලන් නමැත්තා සමග සමීපව කටයුතු කළ මෙම පුද්ගලයින් 30 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද්ධය අවසන් වීමත් සමගම මෙම පුද්ගලයින් ආරක්‍ෂක අංශ මග හරිමින් සැගව සිට ඇති බවයි මූලික පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මේ අතර එල්.ටී.ටි.ඊ සංවිධානයේ පිස්තෝල කල්ලියේ මේජර්වරයෙකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයෙකු වව්නියාවේ දී අද අත්අඩංගුවට ගැණුනා. පොලිසිය පැවසුවේ සුප්පයියා ක‍්‍රිෂ්ණකුමාර් නමැති මොහු ජීවන් නමින් හැඳින්වු බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.