2012-06-06

හිරුණිකාට එරෙහිව දුමින්දගෙන් නඩුවක්?


අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පිළිබඳ මාධ්‍ය ප‍‍්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍‍්‍රමචන්‍ද්‍ර මෙනවියට එරෙහි නඩුවක් පැවරීමට අවශ්‍ය කි‍‍්‍රයාමාර්ග ගන්නා ලෙස දුමින්ද සිල්වාගේ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහේස්ත‍‍්‍රාත් අධිකරණයෙන් 05 වැනිදා ඉල්ලා සිටියා.
භාරත ලක්‍ෂමන් ඝාතන නඩු විභාගය කොළඹ අතිරේක මහේස්ත‍‍්‍රාත් ප‍‍්‍රසන්න අල්විස් හමුවේ 05වැනිදා විභාගයට ගත් අවස්ථාවේදී නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් අදාල නඩුව පැවරීමට අවශ්‍ය සංයුක්ත තැටි කිහිපයක් හා ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළේය.
අපහාස නඩුවක් ගොනු කරන්නේ නම් එය ගොනුකර යුතු වන්නේ අභියාචනාධිකරණයේ බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයට දන්වා තිබේ.
නඩුවට අදාල ලිඛිත දේශන ලබන 26වැනිදා අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ලබන 19වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් මහේස්ත‍‍්‍රාත්වරයා නියෝග කළේය.
Source: asianmirror.lk

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.