ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් ඇතුළත් කර ඇත්තේ ඇඹිලිපිටිය රෝහලටයි. ඇඹිලිපිටිය හැටන් නැෂනල් බැංකුව අසලදී මෙම සිදුවීම සිදුව තිබෙනවා. මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණි මෝටර් රථය සිද්ධිය වූ ස්ථානයේ තවමත් නවතා ඇති බවත් ප‍්‍රකාශ කෙරුණා. මෙම වෙඩි තැබීම ප්‍රාදේශීය දේශපාලනඥයකු විසින් සිදු කළ බවත් අදාළ කාර් රථයේ පුද්ගලයන් පස් දෙනෙකු පැමිණි බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. පදලංගල 42 ප්‍රදේශයේ සිට මෙම කාර් රථය පසුපසින් අදාළ දේශපාලනඥයා ලුහුබැඳගොස් තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ 42 ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක අදාළ කාර් රථය ගැටීමෙන් පසු කාර් රථයේ අය ත්‍රීරෝද රථ රියැදුරුගෙන් කිසියම් මුදලක් ඉල්ලමින් සිටින අවස්ථාවක එම ස්ථානට අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයා පැමිණ තිබෙනවා. අනතුරුව කලබලයට පත් කාර් රථයේ සිටි අයවළුන් වහා එතැනින් පළා ගොස් තිබෙනවා. ඔවුන් පසුපස ලුහුබැඳ ආ ප්‍රාදේශීය දේශපාලනඥයා ඇඹිලිපිටිය හැටන් නැෂනල් බැංකුව ආසන්නයේදී වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදුව තිබෙන අතර තවත් අයෙකුට එම ස්ථානයේදීම අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයා පහරදී තිබෙනවා. අනතුරුව කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත්තේ බස්නාහිර පළාතේ ලියාපදිංචි කර තිබූ මෙම කාර් රථය තුළ ආයුධ රැසක් තිබූ බවයි. සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2012-05-31
ඇඹිලිපිටියේ වෙඩි තැබීමක් - දෙදෙනෙකු රෝහලට
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.