අසභ්‍ය චිත‍්‍රපට සහ ඡායාරූප සඳහා ළමයින් යොදා ගත් බවට සැකපිට පුද්ගලයින් 190 දෙනකු අත්අඩංගුවට ගත් අමෙරිකාවේ ආගමන විගමන සහ රේගුව බලගැන්වීමේ ආයතනය පවසනවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් අමෙරිකාවේ දිද ඇතැම් අය ස්පාඤ්ඤ, ආජර්ටිනාව, පිලිපීනය සහ බි‍්‍රතාන්‍ය යන රටවලින් ද අත්අඩංගුවට ගැනුණු බවයි එම ආයතනය වැඩිදුරටත් පවන්නේ. ඒ වෙනුවෙන් වු මෙහෙයුමක් ‘‘ඔපරේෂන් ඔරියන් ’’ නමින් මාසයක් පමණ තිස්සේ සිදු කෙරුණා. අසභ්‍ය චිත‍්‍රපට සහ ඡායාරූප සඳහා යොදා ගැනුණු ළමයින් 18 දෙනකු බේරා ගැනීමට ද මෙහෙයුමේ දී හැකිව තිබෙන බවයි බී.බී.සී ලෝක සේවය පවසන්නේ. ප‍්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත්තේ අන්තර්ජාලයෙන් කෙරෙන අදහස් හුවමාරු කර ගැනීමෙන් ඔවුන් අසභ්‍ය චිත‍්‍රපට සහ ඡායාරූප සඳහා පොළඹවා ගෙන ඇති බවයි. අන්තර්ජාලය එවැනි නින්දිත ක‍්‍රියා සඳහා පහසුවෙන් යොදා ගත හැකි බවට විශ්වාස කරන ඕනෑම කෙනෙකුට මෙම මෙහෙයුම අනතුරු ඇගවීමක් බවයි අවධාරණය කෙරෙන්නේ. අන්තර්ජාලය යොදා ගෙන නින්දිත ක‍්‍රියා සිදු කරන්නන් හඳුනා ගැනීමට තරම් තාක්‍ෂණය දියුණු බව ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ නීතිය හමුවට පැමිණවීමට පසුබට නොවන බව ද අමෙරිකාවේ ආගමන විගමන සහ රේගුව බල ගැන්වීමේ ආයතනය පවසනවා.
2012-06-09
හිරි ඇර ගන්න ළමුන් සෙක්ස්වලට යොදා ගත් 190ක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.