2014-12-27

ශ්‍රී ලංකාව ලකුණු 219ක් පිටුපසින්

සත්කාරක නවසිලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනයට අද (27දා) නිමාකරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 219ක් පිටුපසින් සිටී.

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 441ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 138ක් පමණි. ඒ අනුව ලකුණු 303ක් පිටුවසින් සිටිමින් සිය දෙවැනි ඉනිම නැවතත් ආරම්භකර ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයට තරගය නිමා කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 84ක් රැස්කරගෙන සිටියි.

ශ්‍රී ලංකා පළමු ඉනිම නවසීලන්ත වේග පන්දු යවන්න් විනාශ කරද්දී සුපුරුදු පරිදි හුදෙකළා ඉනිමක් ක්‍රීඩාකළ නායක ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්විය.

කෞෂාල් සිල්වා (33), දිමුත් කරුණාරත්න (49) නොදැවී පිටියේ රැදී සිටිති.








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.