රාජ්‍ය ආයතනවල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තිබේ දැයි පරික්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කෙරෙනවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් විසින් මෙම පරික්ෂා කිරීම් සිදු කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා ප්‍රකාශ කළේ ඩෙංගු රෝගය මර්දනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් සිදුකළ නොහැකි බවයි. ඊට තවත් අමාත්‍යංශ කිහිපයක සහය අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.
2012 වර්ෂයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 12,336 ක් වාර්තා වී තිබෙනවා. එම කාලය තුළ රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 75 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.