බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්ෂක අංශවලට අයත් යැයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් එම ප්‍රදේශයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඔවුන් ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට යන ප්‍රදේශවාසීහු පවසනවා.
මී කැඞීම, ඖෂධ සොයාගැනීම සඳහා අවට වැසියන් නිල්ගල වනයට පිවිසෙන බවත් එහෙත් එහි යකුනාහේන ප්‍රදේශයට ගිය එම පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරනවා. නිල්ගල යකුනාහේන ප්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප්රදේශයකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාතේ ආරක්ෂක ප්‍රධානීන් පවසන්නේ තමන් දැනුවත්ව කිසිදු ආරක්ෂක කණ්ඩායමක් නිල්ගල ප්‍රදේශයට යවා නොමැති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.