නීති විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වන්නන්ට පැනවිය හැකි දඩ මුදල් ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කෙරුණු කෙටුම්පතකට රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. සංශෝධන 400කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් එම කෙටුම්පතට අනුමැතිය ලබාදීම ප‍්‍රමාද කිරීමටයි විපක්ෂ කණ්ඩායම් උත්සහ කළේ. කෙසේ වෙතත් කෙටුම්පත නීතියක් ලෙස කි‍්‍රයාත්මක වීමට නම් ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබිය යුතුයි. ඒ සඳහා වූ විවාදය අද පැවැත්වෙනවා.
මේ අතර රුසියාවේ දැනට ඇති නීතියට අනුව නීති විරෝධී උද්ඝෝෂණයකට සහභාගි වන්නෙකුට රූබල් පන්දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් 152ක් දඩ ලෙස නියම කළ හැකියි. එම දඩය සාමාන්‍ය පුරවැසියෙකුට නම් රූබල් ලක්ෂ 3 දක්වාත් රාජ්‍ය නිලධාරියෙකුට නම් රූබල් ලක්ෂ 6 දක්වා වැඩි කිරීමට උක්ත කෙටුම්පතින් විධිවිධාන සලසා තිබෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.