2012-06-06

ට්‍රැක්ටරයේ හැපුණු ත්‍රීවීලයෙන් ගිනි අවියක් මතුවේ


තඹුත්තේගම, රාජාංගණය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් තුළ තිබී ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා. රාජාංගණය 5 කණුව ප්‍රදේශයේ දී අදාළ ත්‍රී රෝද රථය ට්‍රැක්ටර් රථයක ගැටී ඇති බව පොලිසිය පවසනවා. 
අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේ දී මෙම ගිනි අවිය සොයා ගෙන ඇති බව සඳහන්. වෙම්බ්ලි ඇන්ඩ් ස්කොට් වර්ගයේ රිවෝල්වරයක් එහි තිබී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරුවන් අද (06) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පුත්තලම ප්‍රදේශයේ දී ද ටී 56 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම, තල්අඩිය ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ටී 56 ගිනි අවියට අමතරව ඒ සඳහා භාවිත කරන ජීව උණ්ඩ 30 ක් ද අදාළ පුද්ගලයා සතුව තිබී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු පුත්තලම, තල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහු අද (06) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.