හෙරොයින් හිඟවීම හේතුවෙන් රෝගාතුර වන රැඳවූවන් 30 දෙනෙකු පමණ දිනපතාම බන්ධනාගාර රෝහලට ඇතුළු කරන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
කුඩු හිඟයෙන් රෝගී වූ රැඳවූවන්ට අධික නිදිමත ගතිය හා නිතර මලපහ පිටවීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර කිරීමට සිදුව ඇතැයි වැලිකඩ බන්ධනාගාර රෝහලේ නිලධාරියෙක් අනාවරණ කළා.
බන්ධනාගාරය තුලට හෙරොයින් එන මාර්ග අවහිර වීම නිසා හෙරොයින් භාවිතය අවම වීමෙන් මෙම තත්වය මතුව ඇති අතර මේ වන විට වැලිකඩ බන්ධනාගාරයට හොරොයින් සැපයුම් මාර්ග අවහිර කරමින් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.