2012-07-01

රක්ෂිතයක වාසනාව සොයමින් සිටි හතක් අත්අඩංගුවට


ත්‍රීකුණාමලය ල වාන්ඇල චුන්නක්කාඩු රක්ෂිතයට අයත් සෙම්බුමොටෙයි ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගැනුණා. ත්‍රීකුණාමලය සහ වාන්ඇල පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය විසින් සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රීකුණාමලය, ජා-ඇල, චීන වරාය, තංගල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. වාන් ඇල සහ ත්‍රීකුණාමලය පොලිස් ස්ථාන ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.