අපරාධකරුවනට රැකවරණ දීම, මංකොල්ල කෑම් වලට ආධාර සහ අනුබල දීම, ගිනි අවි ළඟ තබා ගැනීම, ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරි ගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. ගිනි අවි හා ව්‍යාජ මුදල් සම්බන්ධයෙන් වැඩදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.
මේ අතර සුමිත්ත හිමියන් වැඩවාසය කළ විහාරස්ථානයේ කළ පරික්‍ෂාවක දී රුපියල් 5000 ක ව්‍යාජ නෝට්ටුවක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ එහි තිබු පරිගණකවල සභ්‍යත්වයට පටහැනි දත්ත ද තිබී හමුවු බවයි.
ඡායාරූප අනුග්‍රහය www.nethfm.com
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.