2012-07-09

TNA සහ මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිරදී සන්ධානගත වෙයි

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභාව සඳහා මුස්ලිම් කොංග‍්‍රසය සමග එක්ව තරග කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.මේ පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා පස්වරුව වන විට ප‍්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇතැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කරනවා. මේ අතර මුස්ලිම් කොංග‍්‍රසය පවසන්නේ මැතිවරණයට තරග කරන ආකාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැත්වෙන අවසන් සාකච්ඡවකින් පසු තීරණය කරන බවයි. කෙසේ වෙතත් මේ වන විට මුස්ලිම් කොග‍්‍රසය තුලද අදාල ප‍්‍රශ්ණය පිළිබඳව බරපතල මත ගැටුම් හටගෙන ඇතැයිද වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.