2012-07-03

සංචාරක මගපෙන්වන්නන් විදේශිකයන් සමග ලිංගික ඇසුරේ

ලංකාවේ සංචාරක මඟපෙන්වන්නන්ගෙන් 44%ක් පමණ විදේශිකයන් සමග ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන බැව් ලිංගාශ්‍රීත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයනි නානායක්කාර මහත්මිය පැවසුවාය. පසුගිය මාස 12 ඇතළත සංචාරක මඟපෙන්වන්නන්ගේ අවදානම් චාර්යාව හා හැසිරීම් පිළිබඳ කරනු ලැබූ අධ්‍යයනයකදී මේ කරුණු අනාවරණය වූ බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. 
සංචාරක මඟ පෙන්වන්නන් අවුරුදු 17 සිට 56 දක්වා වයස් කාණ්ඩවල පසුවන අතර එක් සංචාරක මඟපෙන්වන්නකුට 45% පමණ හඳුනානොගත් අය සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යති. එය අවදානම් තත්ත්වයක් බව ප්‍රකාහ කරන විශේෂඥ වෛද්‍යවරිය සංචාරක මඟපෙන්වන්නන්ගෙන් 65%ක් පමණ ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන්නේ පිරිමි අය සමග බවත් ඉන් 60%ක් ලිංගිකව එක්වීමේදී ගුද මාර්ගය භාවිත කරන බවද පවසන්නීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.