වෑන් රථයකින් පැමිණි තිදෙනකු නිවසේ සිටි මව සහ දියණිය අල්ලා කාමරයකට දමා මවගේ දෑත් බැඳ විශ්වවිද්‍යාල සිසුවියක් වන දියණිය පැහැරගෙන ගොස් ඇත. දෙණියාය ප්‍රදේශයේදී වූ මේ සිද්ධිය ගැන පැහැරගෙන ගිය විශ්වවිද්‍යාල සිසුවියගේ මව දෙණියාය පොලීසියට පැමිණිලි කොට තිබේ. විසිහතර හැවිරිදි මේ තරුණිය රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සහ මව නිවසේ සිටින විට වෑන් රථයකින් පැමිණි තිදෙනා දියණිය සහ තමා අල්ලාගෙන කාමරයට දමා තමාගේ දෑත් ගැට ගැසූ බවටත් පැමිණි තිදෙනාගෙන් එක් අයෙකු තම ඥාති තරුණයකු බවටත් ඇය පොලීසියට පැමිණිලි කොට ඇත.
පසුව එම ඥාති තරුණයා විසින් දියණිය රැගෙන ගිය බවටද මව පවසා ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි දෙණියාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.