2012-08-10

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නව සභාපතිවරයෙක්


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නව සභාපතිවරයා ලෙස සුනිල් එස්. සිරිසේන මහතා නම් කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහා ද නව නිලධාරී මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ අනුව නීතිඥ සුමිත් විජේසිංහ සහ හිටපු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික සුමදාස අබේගුණවර්ධන යන මහත්වරුන් ද නව අධ්‍යක්‍ෂවරුන් ලෙස පත් කර ඇති බවයි වාර්තාවන්නේ.            ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදි ගැනීමේදී ඇති වු ගැටළු සම්බන්ධයෙන් ඉකුත් කාලසීමාව තුළ දැඩි ආන්දෝලනයක් හට ගැනුණා. ඒ හේතුවෙන් එහි සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය තනතුරුවලින් ඉල්ලා අස්වුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.