2012-08-10

15 හැවිරිදි දැරියක් දූෂණය කළයි සැකපිට 9 දෙනෙක් අත්අඩංගුවට



වයස අවුරුදු 15ක දැරියක් ලැඟුම්හලක දී දුෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 09 දෙනෙකු පේරාදෙණිය සහ කටුගස්තොට යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. SLM NEWS වාර්තාකරු පැවසුවේ දුෂණයට ලක්වු බව කියන දැරිය පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි. සිය පෙම්වතා සමග මෙම දැරිය ලැඟුම්හලකට ගොස් තිබෙනවා. එහිදි පෙම්වතා විසින් ඇය දුෂණය කර ඇති අතර පසුව ඔහු තම මිතුරන්ට දැරිය අලෙවි කර ඇති බවයි මූලික පරික්‍ෂණවලදි අනාවරණ වී ඇත්තේ. පේරාදෙණිය, ගෙලිඔය, පුස්සැල්ලාව සහ කඩවත යන ප‍්‍රදේශවල ලැඟුම්හල්වලදී දැරිය දුෂණයට ලක්ව තිබෙනවා. දැරියගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පළමුව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනුණා. පසුව ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.