2012-08-23

මහජන දේපල අයුතු ලෙස භාවිත කරන්නන්ට ගල් ගසා පැන්නිය යුතුයි - අධිකරණය


අයුතු ලෙස මහජන දේපළ භාවිත කරන්නන්ට මහජනතාව ගල්ගසා පන්නා දැමිය යුතු බව උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා පවසනවා. උතුරු මැද හිටපු මහ ඇමැතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය ආයතනවලට අයත් වාහන හා වෙනත් දේපළ නීති විරෝධී අයුරින් පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදී ඇති බවට පළාත් ආණ්ඩුකාර ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද නිෂ්ප‍්‍රභ කරමින් විනිසුරුවරයා මේ බව සඳහන් කළා. මහාධිකරණ විනිසුරු රත්නායක මහතා කියා සිටියේ පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබාදීමට සහ පෙත්සම් විභාගයට ගෙන තවදුරටත් පවත්වාගෙන යාමට උතුරු මැද පළාත්බද මහාධිකරණයට බලයක් නොමැති බවයි. රීට් ආඥා නිකුත් කිරීම සම්බන්ධයෙන් තම අධිකරණයට ඇත්තේ සීමිත බලයක් බවයි ඔහු සඳහන් කළේ. රාජ්‍ය නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන රාජකාරී කරන්නේ නම් මෙවැනි ගැටලූ පැන නොනගින බවද විනිසුරුවරයා ප‍්‍රකාශ කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.