2012-08-23

වාර්තා හොඳ නිසා විමල් ගෙදර යයි


අසනීප තත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කෙරුණු අමාත්‍ය විමල් වීරවංශ මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ වෛද්‍ය වාර්තා යහපත් වීම හේතුවෙන් වීරවංශ මහතාට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දුන් බවයි. නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම වෙනුවෙන් ත‍්‍රිකුණාමලයේ පැවැත්වෙන රැස්වීම් කිහිපයක් සඳහා ගමන් ගන්නා අතරතුර අමාත්‍යවරයා රෝහල් ගත කෙරුණා. කෙසේ වෙතත් එම රැස්වීම්වලට සහභාගී නොවී අමාත්‍යවරයා යළි කොළඹ බලා පැමිණි බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.