2012-08-17

භාණුට සහ ශ්‍රීලාල්ට ජනපතිගේ නියෝග අවලංගුද?


සබරගමු පළාත් සභාවේ ඇමැතිවරුන් දෙදෙනකු නිලවාහන පහක් බාර දී නැතැයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කෙමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා පවසනවා. වාහන බාර දෙන ලෙස ජනපතිවරයා නියෝග කළේ ඉකුත් බදාදායි. හිටපු සෞඛ්‍ය ඇමැති භානු මුණිප්‍රිය  වාහනයක්  ද හිටපු පළාත් ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ වාහන හතරක් ද බාර දී නැතැයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අනාවරණ කරනවා. රත්නපුර මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පැවැසුවේ මේ වාහන මැතිවරණ සඳහා භාවිතා කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. එපමණක් නොව නීති විරෝධී අන්දමින් රාජ්‍ය දේපළක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ක්‍රියා කරන ලෙසද පොලිසියට උපදෙස් දී ඇති බවයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා පැවසුවේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.