2012-08-17

ඇඳුමට උරණ වී පුතා මවට පහර දෙයි


කලිසමක් හා බ්ලව්සයක් ඇඳ ඉතාලියේ මිලානෝ නුවර රැකියාවට යන්නට සැරසුණු 40 හැවිරිදි ශ්‍රී ලාංකික මවකට  පුතා බැන වැදී පහරදුන් බව ඉතාලි පුවත්පත් පවසනවා. එම ඇඳුම නොසුදුසු බව පුතාගේ මතය විය. මවගේ කෑ ගැසීම ඇසී අසල්වැසියන් ආවත් දොර වසා තුබූ නිසා පොලිසිය කැඳැවිණි. කාන්තාවගේ සැමියා ඒ අවස්ථාවේ ගෙදර නොසිටියේය. මව දවසක් රෝහල් ගත කළාය. මේ පුතා මවට පහර දීමට අත ඉස්සූ මුල්වතාව මෙය නොවන බව ද අනාවරණ වනවා. මවට හිරිහැර කළැයි ඉතාලි පොලිසිය ඔහුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වනවා.





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.