2012-09-13

ලංකාව තුළ ඒඩ්ස් පැතිර යාම වේගවත් වීමේ අවදානම් තත්ත්වයක්


HIV ඒඩ්ස් රෝගය රට පුරා පැතිර යාමේ බරපතල අවදානමක් මතු ව ඇති බව HIV ඒඩ්ස් මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා පවසනවා. HIV ඒඩ්ස් මර්දනය සඳහා ගෝලීය අරමුදල මගින් ලබාදී ඇති මුදල් මුදාහැරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු විසින් අත්හිටුවා ඇති බවත් එම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් කරුණු අනාවරණය වනවා. 
මේ හේතුවෙන් ඒඩ්ස් මර්දන කටයුතු සඳහා කරනු ලබන දැනුවත් කිරීම් සහ පරීක්ෂණ මුළුමනින් ඇණහිට රෝගය රට පුරා වසංගතයක් ලෙස පැතිර යාමට හේතු වී ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.