අලවතුගොඩ පොලිස් වසමේ කොනකලගල මහා විද්යාල පරිශ්රයේ සිසුන් විසින් පරිසර වැඩසටහන යටතේ ඉදිකර තිබූ පොකුණක සුරතලයට ඇති කරන ලද කිලෝ තුනක් බරැති ඉබ්බෙකු මරා මස් කර සාදයක් පැවැත්වූ පුද්ගලයන් දස දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් දස දෙනාම කොනකලගල ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා. සැකකරුවන්ගෙන් ප්රශ්ණ කිරීමේදී ඉබ්බා මරා මස් කර කෑමට ගත් බව ඔවුන් පවසා තිබෙනවා. ම්ලේච්ඡ වූ මෙම පිරිස සිදු කළ ක්රියාව ප්රදේශවාසීන්ද දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දැක තිබෙනවා. අලවතුගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.