2012-11-15

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අජිත් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වෙයි


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මන්තී‍්‍ර අජිත් කුමාර මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. වරප‍්‍රසාද පනත යටතේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් මන්තී‍්‍රවරයා කියා සිටියේ රටේ පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ අරගල වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට එමගින් අවස්ථාව ලැබෙන බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය තුළ තවදුරටත් රැඳී සිටියහොත් ඊට බාධා එල්ල වන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ. 2013 අයවැය ලේඛනය ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස තමන් අවස්ථා කිහිපයකදී තම පක්ෂයේ කණ්ඩායම් නායක අනුරකුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටි බවයි මන්තී‍්‍රවරයා එහිදී කියා සිටියේ. එහෙත් අනුර කුමාර දිසානායක මහතා එම ඉල්ලීම් භාර ගෙන නැහැ. 
ඒ අනුව තමන් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාගෙන්ද ඒ සඳහා අවසර ඉල්ලා සිටි බව මන්තී‍්‍රවරයා කියා සිටියා. කෙසේ වෙතත් අජිත් කුමාර මන්තී‍්‍රවරයාට මේ දක්වා අයවැය විවාදයට සහභාගි වීමට අවස්ථාව ලැබී නැහැ. තමන් දරන දේශපාලන මතය හේතුවෙන් මෙවැනි තත්වයක් උද්ගත වන්නට ඇති බවයි අජිත් කුමාර මන්තී‍්‍රවරයා එහිදී පෙන්වා දුන්නේ. එම නිසා තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව අජිත් කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.