නීති විරෝධී ටී-56 ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල පොලිස් වසමට අයත් තල්ගස්අගාර ප්‍රදේශයේ නිවසකදීයි.
මාදම්පේ ප්‍රදේශයේ ඇඟලුම් සේවකයකුට අයත් යතුරු පැදියක්ද සැකකරුවන් භාරයේ තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. එයද සොරකම් කරන ලද එකක් බව පොලීසිය පවසනවා.
සැකකරුවන් මෙම ගිනි අවි සහ යතුරු පැදිය උපයෝගී කරගෙන කොල්ලකෑම් කීපයක් සිදු කර ඇති බවට දැනට පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට දැනට පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගෙන අති එක් සැකකරුවෙක් පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගේ රියැදුරකුගේ පුතෙක් බවද අනාවරණ වී තිබෙනවා. කොස්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.